Cadet Team

 

 

 

2017 වර්ෂය අභිනවයෙන් ආරම්භ කරන ලද මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩය මේ දක්වා ජයග්‍රහණ රාශියකට හිමිකම් කියමින් ප්‍රදේශයේ සමාජයීය මෙහෙවර සඳහා ද අත්වැල් සපයමින් මේ දක්වා ක්‍රියාත්මක වේ . 

2017 වර්ෂයේ එවකට ලුතිනන් ඩබ්ලිව්. ජි. අයි. ධර්මවර්ධන යටතේ 2018 වර්ෂයේ පළමු වරට කඳවුරු ගත වී පස් වන ස්ථානය ලබා නොමැකෙන මතකයන් බලඇණිය ඉතිහාසයක් එක් කරන ලදී.  ඉන්පසු 2019 වර්ෂයේ දෙවන වරට කඳවුරු ගත වී බළඇණි අනුශූරතාවය දක්වා ගමන් කර බලඇණි ඉතිහාසයේ අද්විතීය නාමයක් උඩගම මහා විදුහල වෙනුවෙන් සනිටුවන් කරන ලදී. ඉන්පසු  පාසල වෙනුවෙන් ප්‍රදේශයේ සාමාජීය කටයුතු වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඔවුන් මේ දක්වා ඉටුකරනු ලබයි. 

ඛණ්ඩය වෙනුවෙන් ලක්ෂ 12ක් පමණ වටිනාකමකින් යුත් නිවසක් සිය ශ්‍රම දායකත්වය තුළින් ගොඩ නංවා එය පාසලේ අනෙකුත් සිසුන්ගේ කටයුතු සදහාද ලබා දෙමින් සිය මෙහෙවර විද්‍යාලයීය මාතාවට නිබඳව ලබාදෙයි . මෙයට අමතරව පහත සඳහන් කාර්යයන් ඔවුන් මේ දක්වා සිදු කරමින් සිය කීර්තිනාමය ප්‍රදේශයේ රාව ප්‍රතිරාව නංවමින් ගමන් කරමින් සිටී .

 

  • පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය 

2020 වර්ෂය පුරන් කුඹුරක් අස්වද්දා එයින් ලද අස්වැන්න දිළිඳු පවුල් වෙත ලබා දෙන ලදී. සියලුම ශ්‍රම දායකත්වය ශිෂ්‍ය භටයන් විසින් සිදු කරන ලදී .

 

  • නිවාස ව්‍යාපෘතියක් සඳහා ශ්‍රම දායකත්වය 

 

මන්තිදාරාම විහාරස්ථානය මූලිකව ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙනුවෙන් සෑදු නිවාසය සදහා වැලි සැපයීම,  විදුලි පරිපථ සවි කිරීම වැනි දෑ සදහා  සිය ශ්‍රමය සපයන ලදී.

 

  • බස් නැවතුම්පොළ අලුත්වැඩියාව 

 

විද්‍යාලය අසල ඇති රණවිරු අනුස්මරණ බස් නැවතුම්පල වර්ණ ගන්වා අඩුපාඩු සකසා නැවත මහජන භාවිතය සදහා භාර දෙන ලදී .

 

  • උඩගම  රෝහල ආශ්‍රිත ශ්‍රමදාන කටයුතු 

 

අවස්ථා තුනකට නොඅඩු ගණනකදී රෝහල් පිරිසිදු කටයුතු, නඩත්තු කටයුතු, ඉදිකිරීම් කටයුතු, භූමි අලංකරණ කටයුතු වෙනුවෙන් සිය ශ්‍රමය සපයන ලදී .

 

  • ඒකනායක මන්තින්දාරාමය ආශ්‍රිත ශ්‍රමදාන කටයුතු 

 

විහාරස්ථානය මූලිකව අනුරාධපුර රුවන්වැලි සෑයට සිදුකළ  දහස්පතියා මල් පූජාව සදහා  මල් පැළ සිටුවීම, රන්මුන් වල වෙල්යායේ දී ශිෂ්‍ය භටයන් විසින් සිදු කෙරිණි . එමෙන්ම විහාරස්ථානයේ භික්ෂු කුටි ඉදිකිරීම වෙනුවෙන් වැලි ගොඩ දමා ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සහය ලබාදුණි. එසේම විහාරස්ථානයේ චෛත්‍ය නිර්මාණයේදී ඒ වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය සපයන ලදී .

මීට අමතරව බොහෝ අවස්ථා ගණනාවක දී ඔවුන් සිය ශ්‍රම දායකත්වය සපයන ලදී නාග ශ්‍රී බෝධි විහාරයේ දාන ශාලාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ශිෂ්‍ය භට ඛණ්ඩය සිය ශ්‍රම දායකත්වය සපයන ලදී එසේම ආනන්ද පිරිවෙන් විහාරයෙහි වහලෙහි පිළිසකර කිරීම වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. සුදර්ශනාරාම විහාරය ආශ්‍රිත ශ්‍රමදාන කටයුතු අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සහ ඒ අවට පිරිසිදු කිරීම් වෙනුවෙන් උඩගම ශිෂ්‍ය භටයන් සිය ශ්‍රම දායකත්වය සපයන ලදී .එසේම පාසලේ ජල නල පද්ධතිය වෙනුවෙන් ඔවුන් අදාළ ජල නල සදහා පොළොව සකසමින් ජල මූලාශ්‍රයේ  සිට පාසල දක්වා ඇතිරීම සිදු කරනු ලදී .එසේම  70 නිදහස් දින සැමරුම වෙනුවෙන් පහන් වැටක් ඉදිකර  ආලෝකමත් කරන ලදී. 

2017 සිට මේ දක්වා සියලුම ශ්‍රමදාන කටයුතු සඳහා ඔවුන් සිය ශ්‍රමය දායක කරමින් සිටී .

2022 වර්ෂයේ දී අභිනවයෙන් ආරම්භ කරන ලද පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩය සහභාගි වූ සිය ප්‍රථම කඳවුරුගතවීමේදී  පළාත් ජයග්‍රහණයක් දක්වාම ප්‍රදේශය අනෙකුත් පාසල් අභිබවමින් සිය විදු මව ඔසවා තබන ලදී.

උදෑසන 5.30  පමණ වන විට පුහුණුවීම් ආරම්භ කරනු යුද බාලක සහ පොලිස් බාලිකා කණ්ඩය සිය අනුපමේය මෙහෙවර ප්‍රදේශයේ දූ දරුවන්ගේ විනය , ආකල්ප සහ කුසලතා ඔප් නංවමින් සිය නොනිමි මෙහෙවර අනාගතය උදෙසා දායාද කරමින් ඉදිරිය දක්වා ගමන් කරමින් සිටි.