කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල මැතිවරණ කොට්ඨාශ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංකය උඩගම ප්‍රදේශයේ දැකුම්කළු පරිසරයක පිහිටා තිබේ.දැනට උඩගම පල්ලේ තැන්නේ පිහිටි බෝධිය අසල ධර්ම ශාලාවක 1898 දී මුලින් ම ආරම්භ කර ඇති පාසල ඊට අවුරුදු 5කට පසු 1903 දී දෙගුරුන් විසින් සාදන ලද ගොඩනැගිල්ලකට එනම් අද පිහිටි ස්ථානයට ගෙනවිත් ඇත.එවකට මෙම පාසැල ස්වභාෂා පිරිමි පාසල නමින් හඳුන්වා ඇත.
1926 දී මෙම පාසලට ගැහැණු ලමුන් අතුලත් කිරීමෙන් මිශ්‍ර පාසලක් බවට පත්ව ඇත.1939 දී ටි.බී.මැදිවක විදුහල්පතිතුමාගේ කාලයේ නව ගොඩනැගිලි දෙකක් සාදා ඇත.1944 සිට එම්.බී. අත්තනායක විදුහල්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ පන්ති පැවැත්වීම ආරම්භ කර ඇත.බී.බී.සී.සිරිසෝම හා එච්.ටිතේනුවර යන විදුහල්පතිවරුන්ගේ කාලවල තවත් ගොඩනැගිලි දෙකක් සාදා පාසල තවදුරටත් පුළුල් අධ්‍යාපන ආයතනයක් බවට පත් කර ඇත.ඊට පසු පාසලට ඉඩම් අක්කර 4½ භූමි ප්‍රමාණයක් ලබාගෙන විද්‍යාගාරයක් හා ගුරු නිවාසයක් හා පාසල් ගොඩනැගිලි සාදා ඇත.1984 වන විට උසස් පෙළ පන්ති ආරම්භ කළ කළ මහා විද්‍යාලයක් බවට පත් කොට ඇත.
එකලඅධ්‍යාපන ක්‍රමය අනුව අ.පො.ස (සා.පෙළ) සඳහා විද්‍යා අංශයක් කේ බී ජයවීර විදුහල්පති තුමාගේ කාලයේ ආරම්භ කරන ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස 100% උසස් පෙළ ප්‍රතිඵල සාර්ථක වූ අතර විශ්වවිද්‍යාල වලට ළමුන් ඇතුලත් විය.රජයේ ආයතන වල රැකියාවන් සඳහා විශාල පිරිසක් යොමු විය.දක්ෂ වෛද්‍යවරු නීතිඥවරු මෙම පාසල තුළින් බිහි වී ඇත. කලාපය තුළ සැලකිය යුතු ජන ජනප්‍රියතාවයක් ලත් පාසලකි. එම්. එස්.හේමචන්ද්‍ර විදුහල්පතිතුමාගේ කාලයේ පාසලට විශේෂ අඩුපාඩුවක්ව පැවති බුදු මැදුර සාදා ඇත.
පසුකාලයකදී විවිධ හේතුන් මත විදුහලේ අධ්‍යාපන තත්වයට පරිහානියට පත්වූ අතර ඉහළ ද්විතීක අංශය පවත්වාගත නොහැකි තත්වයට පත්විය. අවුරුදු කීපයක් මෙසේ පැවතුනත් පාසල ක් ගත නොහැකි තත්වයට පත්විය
අවුරුදු කීපයක් මෙසේ පැවතුනත් පාසල ක්‍රමයෙන් දියුණු තත්වයට වර්ධනය වී ඩී.කේ.මැදිලියගේ විදුහල්පති තුමාගේ කාලයේදී ඇතිවිය.පරිගණක ඒකකයක් සාදවා නව තාක්ෂණය විද්‍යාලයට හඳුන්වා දීම ද එතුමාගේ කාලයේ දී සිදුවිය.විද්‍යාලීය ගුණාත්මක සංවර්ධනය තවදුරටත් වර්ධනය කරමින් උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාව පාසල ආරම්භ කිරීම වර්තමාන විදුහල්පතිතුමා වන එච්.කේ.අතුල ධම්මික මහතාගේ අරමුණයි.