Judo Team

 

“විද්‍යාලයීය අභිමානවත් ජූඩෝ කණ්ඩායම”

 

 

එම්.පි.ජි.දිසානායක මයා                                                    ශ්‍රී ලංකා ගුරු සේවය 1

(සමස්ත ලංකා පාසල්  ජූඩෝ සංගමයේ  තාක්ෂණික සභාපති,

ජාතික ශිෂ්‍ය භට බලකායේ 2/ ලුතිනන් ,

ගම්පොල අධ්‍යාපන කලාපයේ ජිම්නාස්ටික් සම්බන්ධීකරණ නිලධාරි)

මහ /අටබාගේ උඩගම මහා විද්‍යාලය

 

 

යු.ජි.එන්.ධනුෂ්ක උයන්වත්ත

පාසල් ක්‍රීඩා පුහුණුකරු
(කලමනාකරණය සහකාර තාක්ෂණික නොවන කණ්ඩ 2)

මහ /අටබාගේ උඩගම මහා විද්‍යාලය

  

2021 ජනවාරි මාසේ විසි එක්වන  බ්‍රහස්පතින්දා මහ / අටබාගේ උඩගම මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට මිදුලේ මෙට්ට පහසුකම් කිසිවක් නොමැතිව ජූඩෝ ක්‍රීඩාව ආරම්භ කරන ලදී.

විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ සහ විද්‍යාලයේ ආචාර්ය ශිෂ්‍ය භට ඛණ්ඩය බාර නිලධාරී ලුතිනන් ඉන්දික ධර්මවර්ධන මහතාගේ මැදිහත් වීමෙන්,විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකගේ උපකාරයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉවත ලන කොහු මෙට්ට 25 ක් ලබාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 126 දෙනෙකු පුහුණු කරන ලදුව, ඉන් 90 දෙනෙකු 2022.02.04 වන දින ශ්‍රී ලංකා ජාතික ජූඩෝ සංගමයේ මගින් පවත්වන ලද ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයට ඉදිරිපත් වී සමත් විය.

ඉන් පසුව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා  වන අතුල ජයවර්ධන මහතා ජූඩෝ මෙට්ට දහයක් විද්‍යාලයට ලබා දීම විද්‍යාලයේ ජූඩෝ ක්‍රීඩාවේ ප්‍රගමනයට මහගු පිටුවහලක් විය.

2022.09.23,24,25 දිනවල පැවති මධ්‍යම පළාත් ජුඩෝ තරග වලට සහභාගි වී විද්‍යාලයට පළමු ලෝකඩ පදක්කම ලබා ගන්නා ලදී,

ජූඩෝ ක්‍රීඩාව ආරම්භ කර පවත්වාගෙන යෑමට නන් අයුරින් සහයෝගය සහ උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිය පුද කර සිටින්නේ හදපිරි සතුටින් හා භක්තියෙනි.

    #.එම්.ජී .ජී.දිසානායක                 (ජූඩෝ පුහුණුකරු)

    #. යු.ජි.එන්.ධනුෂ්ක උයන්වත්ත     (ජූඩෝ පුහුණුකරු)