


ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අධ්‍යාපන කලාප අතර ඒ ඒ කලාප වල විශිෂ්ඨතම සේවය කල ගුරුවරුයා ඇගයීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණි.
ඒ අනුව ගුරු ප්‍රතිභා ප්‍රභා -2022 වැඩසටහනේ ගම්පොල අධ්‍යාපන කලාපයේ විශිෂ්ඨතම සේවය මෙන්ම හොදම ව්‍යාපෘතිය සිදුකල ගුරුවරුයා ලෙස මහ/ අටබාගේ උඩගම විදුහලේ ශිෂ්‍ය බට කාණ්ඩය භාර මෙන්ම එම විදුහලේ ඉංග්‍රීසි විෂයට අති දක්ෂ ගුරුවරයෙකු වන ගිහාන් ධර්මවර්ධන ගුරුවරයාට හිමිව ඇත. ඒ සම්බන්ධව ගම්පොල අපෙගේ ප්‍රණාමය !!!....
ඉතා කෙටි කාලයක් තුල උඩගම විදුහලේ ශිෂ්‍යභට කාණ්ඩය ආරම්භ කිරීමට පුරොගාමී වී ජාතික මට්ටමේ ජයග්‍රහණයන් රැසක් ලබා දීමට හැකි වීම, එම ශිෂ්‍යභට කාණ්ඩය සමග පුරන් කුඹුරු අස්වැද්දීම , ශිෂ්‍යභට කාණ්ඩය සමග පොදු වැඩ හා සමාජ සත්කාර රැසක් ඉතා කෙටි කලක් තුල සිදුකිරීම මෙන්ම පාසලේ විභාග ප්‍රතිඵල ඉහල නැංවීමට ඇප කැප වී තම සේවය ඉටු කිරීම මෙම ඇගයීමට පාදක විය.
ඔබගේ මෙම වැඩසටහන් ඉදිරියට කරගෙන යෑමට සුභාශිංෂණ එක් කරමු.